Ada-Derana-1140-X-60-S 1200 add-02

විශාල පිරිසක් ඉවත් වෙන්න සාකච්චා.. රැයක් එලිවෙද්දී අළුත් ආණ්ඩුවක්..

213
11453136468821839297
add-01

අද වන විට ආණ්ඩුවේ සිටින විශාල පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීම සඳහා විපක්ෂය සමග සාකච්ඡා කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

සමහර පිරිස් වලට ඉතාම ඉක්මනින් ආණ්ඩුවෙන් ඉවත් වී වෙනසක් කිරීමට උවමනා වී ඇතැයිද ඔහු පැවසීය.

නුදුරේදීම පුළුල් එක්සත් පෙරමුණක් බිහි කරමින් වත්මන් ආණ්ඩුව පෙරළා කව ආණ්ඩුවක් පිහිටුවන බවද මන්ත්‍රීවරයා කීය.

නුදුරු දිනක උදෑසන අවදි වෙද්දි ආණ්ඩුව පෙරළී නව ආණ්ඩුවක් බිහි වී ඇතැයි ප්‍රවෘත්ති වාර්තා කරනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කළුතර ප්‍රදේශයේ පැවති උත්සවයකින් පසු මාධ්‍යයට අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.