Ada-Derana-1140-X-60-S 1200 add-02

වී ගබඩා වැටලීමත් අරඹයි

344
11453136468821839297
add-01

ලියාපදිංචි නොකළ වී ගබඩාවක් වැටලීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් පාරිභෝගික කටයුතු අධිකාරියේ නිලධාරීන් අද (02) පස්වරුවේ කටයුතු කර තිබුණි.

ඒ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ප්‍රදේශයේදීය.

එම ගබඩාවේ තිබී වී මෙට්‍රික් ටොන් 568ක් සොයාගත් අතර එම වී තොගය වී අලෙවි මණ්ඩලය යටතට පැවරීමට පියවර ගැනුණි.

අක්කරෙයිපත්තු ප්‍රදේශයේම තවත් ගබඩාවක් අද පරීක්ෂාවට ලක් කෙරුණු අතර එහි තිබී හමුවූ වී තොගය මෙට්‍රික් ටොන් 68කි.

එම වී තොගයද වී අලෙවි මණ්ඩලය යටතට පවරා ගැනීමට පියවර ගෙන තිබුණි.

මේ අතර ගල්කිරියාගම උල්පත්ගම ප්‍රදේශයේ ලියාපදිංචි නොකළ වී ගබඩාවක රැස්කර තිබූ වී ගෝනි 4,000ක් අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික සේවා වැටලීම් අංශයේ නිලධාරීන් සහ දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

සම්බා වී ගෝනි 2,000ක් හා නාඩු වී ගෝනි 2,000ක් මෙහි ගබඩා කර තිබූ අතර ගබඩාවට මුද්‍රා තැබීමට පාරිභෝගික සේවා නිලධාරීන් පියවර ගෙන තිබේ.

මෙහිදී වී තොගයේ හිමිකරු සඳහන් කළේ රාජ්‍ය බැංකුවක දේපළක් ලෙස ගබඩාව පවත්වා ගෙන ගිය බැවින් එය ලියාපදිංචි කිරීමට පියවර නොගත් බවය.

මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසන්නේ වී ගබඩා ලියාපදිංචි කරගැනීම සඳහා කුඩා මෝල් හිමියන්ට ලබාදුන් කාලසීමාව ප්‍රමාණවත් නොවන බවය.