Ada-Derana-1140-X-60-S 1200 add-02

වෛද්‍ය සිසුවියකගේ මළ සිරුර නිවසින් හමුවෙයි…

215
11453136468821839297
add-01

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඉගෙනුම ලබන සිසුවියකගේ මළසිරුර ඇයගේ නිවසේ තිබී 11 දින හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.

වෛද්‍යපීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ චුන්නාකම් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ශාරුණිකා නැමති මෙම සිසුවියගේ මළ සිරුර ඇගෙ නිවසේ කාමරයේ තිබියදී සොයාගත් බවට පොලීසිය පැවසීය.

චුන්නාකම් උඩුවිල් කාන්තා විදුහලේ ඉගෙනුම ලැබූ දක්ෂ සිසුවියක් වූ ඇය එම පාසලෙන් සරසවියට වරම් ලැබූ පළමු වෛද්‍ය සිසුවියද වෙයි.

සිසුවිය මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර සියදිවි හානිකරගැනීමක්ද එසේත් නැතිනම් ඝාතනයක්ද යන්න පිළිබඳව සෙවීමට පොලීසිය පරික්ෂණ ආරම්භ කොට ඇත.

කෙසේ වෙතත් මළ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහලේ තැන්පත් කොට ඇති අතර සිසුවියගේ අධ්‍යාපන කටයුතු වලදී ඇති වූ මානසික ආතතියක් හේතුවෙන් සිසුවිය සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපල කර සිටියි.