Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ට නව සභාපතිවරයෙක්

30
11453136468821839297
add-01
විදෙස්ගතවන සහ විශ්‍රාම යන වෛද්‍යවරුන් පිළිබඳ නිවැරදි දත්ත ලබා ගැනීමේ වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.
එම සංගමයේ නව සභාපති ලෙස පත්වූ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්යා ආරියරත්න මහතා ප්‍රකාශ කළේ ඒ පිළිබඳව නිවැරදි දත්ත නොමැති වීම බරපතළ ගැටලුවක් බවය.
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ නිලවරණය ඊයේ (14) පැවැත්වුණි.
එහිදී එම සංගමයේ 129 වන සභාපතිවරයා ලෙස විශේෂඥ වෛද්‍ය වින්යා ආරියරත්න මහතා තේරී පත් විය.
ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ රජයේ රෝහල්වල ගෙවන වාට්ටු ක්‍රමයක් ආරම්භ කිරීමේ යෝජනාවට සිය සංගමය විරෝධය පළකරන බවය.