Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

31
11453136468821839297
add-01
ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් සඳහා පැනවූ කොවිඩ් -19 පාලන නව ක්‍රමවේද ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේ අදාළ නීති ක්‍රියාත්මක කිරීම ලබන 20 වනදා දක්වා කල්දමන බවය.
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා කොවිඩ් -19 රෝගය සම්බන්ධව නව ක්‍රමවේද මාලාවක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පෙරේදා (13)  දිනයේ පියවර ගනු ලැබීය.
නමුත් ඊට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලැබී නොතිබිණි.

මේ අතර මෙම වසරේ ගතවූ පළමු දින 12 ඇතුළත සංචාරකයින් 37,000කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.