Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පා පිස්නාවක් සහ සේරපුවක් වෙයි

241
11453136468821839297
add-01

ශ්‍රී ලංකා ජාතික කොඩිය ආකාරයට නිෂ්පාදනය කළ පා පිස්නාවක් ලොව ප්‍රමුඛතම අන්තර්ජාල පාරිභෝගික භාණ්ඩ අලෙවි ජාලයක් වන amazon වෙබ් අඩෙවිය හරහා අලෙවි කිරීමට තබා තිබෙනවා.

ශ්‍රී ලංකා ජාතික කොඩියේ කිසිඳු සංස්කරණයක් නොකර එය ඒ ආකාරයෙන්ම අලෙවිය සඳහා තබා ඇත්තේ ඇමරිකානු ඩොලර් 12ක මිලකටයි.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙදෙහස් පන්සීයකට ආසන්න මුදලක් වනවා.

කෙසේ වෙතත් මෙම දැන්වීම සම්බන්ධයෙන් මේ වන විට මෙරට බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

අන්තර්ජාලය මගින් භාණ්ඩ අලෙවි කරන ලොව ප්‍රමුඛ ආයතනයක් වන ඇමසන් ආයතනය ශ්‍රී ලංකා ජාතික කොඩිය සහිත පාපිස්නාවක් (Doormat) වෙළෙඳපළට නිකුත් කර තිබෙනවා.

පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති ​මේජර් ජනරාල් ශාන්ත දිසානායකගෙන් කළ විමසුකදී පැවසුවේ මෙය ශ්‍රී ලංකා වෙළෙඳපොළට නිකුත් කරන්නේ නම් ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැන අවශ්‍ය බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.