Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකාවේ බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවක්

91
11453136468821839297
add-01

මුස්ලිම් කාන්තාව පලඳින බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15දා) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12දා) දිනයේ අත්සන් තැබූ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා සති අග පුවත් පතකට පැවසුවා.

මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය වුණා.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබෙනවා.