2021 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (07) ආරම්භ කරනු ලබනවා.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම තුන්දින සමුළුව සඳහා දෙස් විදෙස් 3,500 ක පමණ පිරිසක් සහභාගිවනු ඇති.
එහිදී මෙරට ආයෝජන අවස්ථා 70 කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව සංවිධාන කර ඇත්තේ ආයෝජන මණ්ඩලය, ලංකා වානිජ මණ්ඩලය සහ කොළඹ කොටස් හුවමාරුව විසින්.
මෙය විදේශීය ආයෝජන ආකර්ශනය කිරීම සඳහා ආසියාවේ පැවැත්වෙන ප්‍රථම සහ විශාලතම අතත්‍ය සමුළුව ද වනු ඇති.