සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන අවසාන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 203කි.
චරිත් අසලංක ලකුණු 47ක් රැස්කළ අතර ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස් කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී කේෂව් මහරාජ් කඩුලු 3ක් දවාගත් අතර ජෝර්ජ් ලින්ඩේ සහ ටබ්රායිස් ෂම්සි කඩුලු දෙක බැගින් දවාගත්තේය.
ඒ අනුව, තරඟය ජයග්‍රහණය සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 204ක ඉලක්කයක් හිමිවිය.