Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙක් ICC ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

252
11453136468821839297
add-01

දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති එක්දින තරගාවලියේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ICC ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන කිහිපයකින් ඉදිරියට පැමිණ ඇත.

ඒ අනුව, වනිඳු හසරංග එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයින් අතර 17 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්වී ඇත.

එක්දින පන්දු යවන්නන් අතර 32 වන ස්ථානයට ඔහු පත්වී තිබේ.

අකිල ධනංජය එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 26 වන ස්ථානයේ රැදී සිටී.

දුෂ්මන්ත චමීර එම ලැයිස්තුවේ 35 වන ස්ථානයට පත්වී ඇත.

අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල 41 වන ස්ථානයේ රැදී සිටින අතර චරිත් අසලංක 66 වන ස්ථානයටත්, ධනංජය ද සිල්වා 71 වන ස්ථානයටත් පැමිණ තිබේ.