Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සහ නිලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක්

102
11453136468821839297
add-01

එංගලන්ත සංචාරයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහ ක්‍රිකට් නිලධාරීන් අතර සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙමින් තිබෙන බව වාර්තා වනවා.

එංගලන්තය සමඟ පැවැත්වෙන තරග සංචාරය සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් එකඟ වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ක්‍රීඩකයන් අතර අද කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවයට එළඹි ඇත.

එහිදී දෙපාර්ශවය අතර උණුසුම් වාද විවාද රැසක් ඇති වී තිබේ.

එංගලන්ත සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හෙට දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇති අතර වාර්ෂික ගිවිසුම් වලට අත්සන් තැබිම පිළිබඳව ඇති අර්බුද මෙතෙක් විසඳා ගෙන නැත.

එංගලන්ත සංචාරය අවසන් කිරීමෙන් පසුව ඒ ගැන තව දුරටත් සාකච්ඡා කිරීමට දෙපාර්ශවය එකඟ වී තිබේ.

ක‍්‍රීඩකයන් වර්ගීකරණය හා ඔවුන්ගේ ගෙවීම් සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර මෙම ගැටළුකාරී තත්වය පැන නැගී ඇත.