Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ්‍රී ලංකා පුහුණුකරුගේ බලාපොරොත්තුව

93
11453136468821839297
add-01
බංගලාදේශයට එරෙහි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අවසන් වීමට එක්දිනක් පමණක් තිබුණද තරගය ජයග්‍රහණය ගැන තවමත් බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසනවා. ඔහු මේ බව පවසන්නේ ශ්‍රී ලංකා පලමු ඉනිම පවා මේ වන විට අවසන් නොමැති පසු බිමකයි.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුළු 07 ක් දැවී ලකුණු 541 ක් රැස්කර ගෙන සිටියදී සිය ඉනිම අත්හිටවූවා. ඒ අනුව ශ්‍රී ලංකා පිළ තවත් කඩුළු 07 ක් අතැතිව බංග්ලාදේශයට වඩා ලකුණු 29 ක් පිටුපසින් සිටිනවා. කෙසේවෙතත් අද දිනයේ බංග්ලාදේශයට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දීමට කඩිනමින් ඉඩ සැලසුණහොත් බංග්ලාදේශය දෙවැනි ඉනිමට දඟ පන්දු යවන්නන්ගේ බලපෑම් එල්ල කිරීම අරමුණ බවයි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පවසන්නේ.

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගයේ අවසන් දිනය අදයි.