Ada-Derana-1140-X-60-S 1200 add-02

ශ‍්‍රී ලංකාව හදුනාගන්නේ ආසාදිතයන් 15%යි.. පස් ගුණයක් සමාජයේ..

239
11453136468821839297
add-01

පරීක්ෂණක සිදු කර සොයා ගන්නා ලබන ආසාදිතයන්ට වඩා පස් ගුණයක් ආසාදිතයන් රට පුරා සිටින බව සෞඛ්‍ය වෘත්තිය වේදීන්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යංශය වැරදි මතවාද නිසා රට වැසීමෙන් ලැබිය හැකි ප්‍රතිඵල 80%කට හානි සිදුවී ඇති බවද ඔහු කියා සිටී.

ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකාවේ පරීක්ෂණ මගින් සොයාගන්නේ ආසාදිතයන්ට 15.8% ක් පමණක් ම බව බවත් එනම් හඳුනා ගන්නා රෝගීන් මෙන් පස් ගුණයකට වඩා ආසාදිතයන් නිදැල්ලේ සිටින බවත් ඔහු කියා සිටියේය.

රෝගීන් සොයා නොගෙන සිටිමේ ප්‍රතිපත්තිය නිසා ප්‍රතිකාර අත්‍යවශ්‍ය 5%කට වඩා අඩු ප්‍රමාණයක් රෝහලක් සොයාගැනීමට පෙර ජීවිතක්ෂයට පත්වන බවද ඔහු පෙන්වා දෙයි.

වසංගත රෝග ප්‍රධානීන් හා දේශපාලනඥයන්ගේ ජනාධිපතිවරයාට නොමග යවමින් සිටින බව පෙනෙන්නට ඇති බවද පැවසූ ඔහු සෞඛ්‍ය අමාත්‍යංශයේ වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් තවදුරටත් ආසාදිතයන් වැඩි වූවොත් එය රජයට දරාගැනීමට නොහැකි වනු ඇතැයි ද කියා සිටියේය.