ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ සිදුකෙරෙන කොවිඩ් මර්දන එන්නත්කරණ ඉලක්කය සම්පූර්ණ කිරීම හේතුවෙන් පනවා ඇති සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.
එම ප්‍රාන්තයේ කොවිඩ් මර්දන එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ ඉලක්කය 70% ක් දක්වා සම්පූර්ණ කර ඇති අතර දෛනිකව වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයින්ගේ පහළ යාමක්ද පෙන්නුම් කරන බව එරට සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයට පැනවූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.
කෙසේවෙතත් එරට නව කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භය සිදූවූ සිඩ්නි ප්‍රාන්තයට පනවා තිබූ සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව සඳහන් වේ.
දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ පහළ යාමක් පෙන්නුම් කළ ද ඒ පිළිබඳ තවදුරටත් සලකාබැලීමට සිදුවීම හේතුවෙන් සිඩ්නි නගරයට පනවා ඇති සංචරණ සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක බව එරට බලධාරීන් සඳහන් කර තිබේ.