Ada-Derana-1140-X-60-S 1200 add-02

සංචරන නොතකා බාර්වලින් මත්පැන් විකුණයි…

90
11453136468821839297
add-01

සංචරණ සීමා පනවා ඇති කාලසීමාව තුල යාපනයේ පිහිටි මත්පැන් හල්වලින් රහසිගතව මත්පැන් අලෙවිවන බවට තොරතුරු ලැබීම හේතුවෙන් අදාල යාපනයේ මත්පැන් හල් නැවත දැනුම් දෙනතුරු මුද්‍ර තැබීමට යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය යාපනය සුරාබදු කාර්යලය පියවර ගෙන ඇත.

මත්පැන් හල් වසා ඇති කාල සීමාව තුල අදාල මත්පැන් හල් හිමිකරුවන් විසින් හොරරහසේ අධික මිල ගණන්වලට මත්පැන් අලෙවිකරන බවට ලැබුනු තොරතුරුවලට අනුව ආරක්ෂිත පියවර වශයෙන් මෙලෙස මත්පැන්හල් මුද්‍ර තැබීමට පියවර ගත් බවට සෞඛ්‍ය නිලධාරීන් පවසා සිටයි.

අදාල මත්පැන්හල් හිමිකරුවන්ට දැනුම් දී ඇත්තේ යාපනයේ පවතින කොරෝනා අවධානම මැඩපැවත්වීමට සහය ලබා දෙන ලෙසටත් මත්පැන්හල් විවෘත්ත කරනා දිනය නැවත දැනුම් දෙන බවටත් යාපනයේ සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය වැඩිදුරටත් පවසා ඇත.