Ada-Derana-1140-X-60-S 1200 add-02

සඳුදා රට විවෘත කරනවා නම් වගකීම් පැවරෙන හැටි

219
11453136468821839297
add-01

යම් අයුරකින් ලබන සඳුදා සංචරණ සීමා ලිහිල් කරන්නේ නම් ප්‍රවාහන සේවා, වෙළඳ මධ්‍යස්ථාන සහ ප්‍රසිද්ධ ස්ථානයන්හි ජනතාව අනවශ්‍ය ලෙස ඒකරාශී වීම වළක්වාලීමට අවශ්‍ය විධිවිධාන දැන්ම සැළසුම් කරගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළා.

ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු ආයතනවලට අදාළ වගකීම පැවරෙන බව ද එසේ නොකර යළිත් සෞඛ්‍ය අංශයට චෝදනා නොකළ යුතු බවද ඔහු එහිදී කියා සිටියා.

තවත් සති දෙකක් වත් සංචරණ සීමා පවත්වා ගැනීමෙන් ගැනීමෙන් නිසි සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යාංශයේදී ඊයේ (1) පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාව කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග කෙරෙහි අනුගත නොවී රට වසා දැමීමෙන් පමණක් ප්‍රශ්නය විසඳිය නොහැකි බව ද හෙතෙම සඳහන් කළේය.

ඒ නිසා මේ අවස්ථාවේදී රට වසා දැමීමට වඩා වැදගත් ජනතාව රෝගය බෝවීම වළක්වා ගැනීමේ චර්‍යාධර්මවලට හුරුවීම යැයි ද හේමන්ත හේරත් මහතා කීවේය.

මේ වනවිට රට තුළ ඔක්සිජන් හිඟයක් නැතැයි කී වෛද්‍යවරයා ඉදිරි අවශ්‍යතා වෙනුවෙන් ප්‍රමාණවත් තරම් ඔක්සිජන් නිෂ්පාදනය හා ලබාගැනීම කරගෙන යන බව ද පැවසීය.