අපේ රටේ නම ලෝකයටම අරන් ගියපු මැණිකේ මගේ හිතේ ගීතයේ සැබෑ හිමිකරුවා තමයි සතිෂාන් රත්නායක කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් යොහානි කියන සින්දුව මිලියන 13 බලද්දී ඔහු කියන එක මිලියන 20 ඉක්මවලා තියෙනවා. ඒ වුණාට ලෝකය පුරා ජනප්‍රිය වුණේ යොහානි කියන එක. කොහොම නමුත් ඔය සින්දුව ලිව්ව දුලාජ්වත් සංගීත අධ්‍යක්ෂණය කරපු චමත්වත් ඔහුවත් ඔය ගීතයට අයිතිවාසිකම් කතා කරන්නේ නැහැ කියලයි සතිෂාන් කියන්නේ. ඒ නිසාම සමහර වෙලාවට ඔහු ඔහුගෙන්ම අහනවාලු ඇයි ඒ ගැන මොකුත් හිතෙන්නේ නැත්තේ කියලා. කොහොම නමුත් යොහානි කරපු දෙයින් හොඳ දෙයක් වුණා කියලයි ඔහු නම් කියන්නේ.
ඒ වගේම දැන්නම් ඔහු පෙම්වතෙක් නෙවෙයිලු. ඉතින් ඔහු මීට කලින් කිහිප දෙනෙක් එක්කම යාළු වෙලා හිටියත් නොගැළපීම් එක්ක අයින් වුණා කියලත් ඔහු කියනවා. ඒ වගේම දැන් ඔහු කෙල්ලෝ විශ්වාස කරන්නෙම නැහැලු. ඉතින් ඔහුගේ පළමු පෙම්වතිය නිසා සම්බන්ධකම් පැවැත්තුවාට කෙල්ලෝ විශ්වාස කරන්න අමාරුයි කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ඔහුව දාලා ගියපු ඔහුගේ පළමු පෙම්වතිය මැණිකේ මගේ හිතේ ගීතය ජනප්‍රිය වෙද්දී ඔහුට කෝල් කළාලු. නමුත් ඔහුගේ සිංදුවක් කරලා ඇයට මුලින්ම අහන්න දුන්නම ඇය ඔහුට කිව්වේ ඔය සිංදු බල්ලෝවත් අහන්නේ නැහැ කියලාලු. ඉතින් ඔහුගේ පෙම්වතිය වෙලා හිටපු කෙනා එහෙම කියද්දි ඔහු ගොඩක් මානසිකව වැටුණා කියලයි සතිෂාන් කියන්නේ. ඒ වගේම ඔහුට සල්ලි නැහැ කියලාලු ඇය ඔහුව අත ඇරියේ.
ඉතින් ඔහු එක්ක යාළු වෙලා ඉද්දි අවුරුද්දක් විතර ඔහුව රවට්ටලා ඇය වෙන සම්බන්ධයක් පවත්වාගෙන ගිහිං තිබුන නිසා තමයි ඇය ඔහුව දාලා ගිහින් තියෙන්නේ. ඒ නිසාම ඒ කාලේ ආදරේ නිසා ගොඩාක් දුක්වින්දා කියලත් සතිෂාන් කියනවා. ඊට පස්සෙලු ඔහු හිත හදාගෙන කොළඹ ඇවිත් තියෙන්නේ. කොහොම නමුත් ඔහු ජනප්‍රිය වුණාට පස්සේ ඇය ඔහුට කෝල් කරලා කිව්වාලු මම දැනගෙන හිටියා ඔයා කවදා හරි ඔය තත්ත්වයට එයි කියලා. ඉතින් බල්ලොවත් කටහඬ අහන්නේ නැති වෙයි කියපු එයාම එහෙම වර්ණනා කළ නිසා ඔහු කිව්වාලු ඔහොම කතා කියලා ගොඩක් කෝල්ස් එනවා ඒ නිසා අඳුරගන්න බැහැ කවුද කියලා ඊට පස්සේ ඔහු ෆෝන් එක තිබ්බාලු. ඉතින් අමාරු කාලේ නැතුව ඊට පස්සේ මොකටද කියලයි ඔහු කියන්නේ.