Ada-Derana-1140-X-60-S 1200 add-02

සීනි මිල රු. 210ට ඉස්සු මාෆියාවේ සුලමුල හෙළිවෙයි…! සත 25 බද්දට ගෙනත් තොග පිටින් හංගලා…! වත්තල ගබඩාවකින් ටොන් 4800ක් අල්ලයි…!

251
11453136468821839297
add-01

වත්තල ප්‍රදේශයේ ගබඩාවක සඟවා තිබූ සීනි ටොන් 4800ක් අද පොලිස් භාරයට පත්විය.

මෙම සීනි ශත 25ක බදු යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කර රු. 85ක උපරිම මිල යටතේ අලෙවි කිරීමට නියම කළ සීනි බව අනාවරණය වී තිබේ.

එලෙස ආනයනය කළ සීනි තොග සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම සීනි හිඟයක් නිර්මාණය කර මිල ඉහළ නංවා මෙම ව්‍යාපාරිකයින් විශාල වශයෙන් ලාභ ලැබීමට කටයුතු කර තිබේ.

මේ දිනවල වෙළෙඳපොළේ සීනි කිලෝවක මිල රු. 210 දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.