අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ සුපිරි නිවසක යාබද පවත්වාගෙන ගිය නීති විරෝධී මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් අද 31 කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වටලා එම ජාවාරම සිදුකළ සැකකරු සමඟ නීති විරෝධී මත් හෙවත් කසිප්පු බෝතල පන්සියයක් මහලු බැරල් පහළොවක් , ගෝඩාලීටර් හත්දාස් පන්සියයක් ගෑස් ලිප් ඇතුළු උපකරණ අත්අඩංගුවට ගත් බව කියයි.
කලක පටන් පත්වා ගෙන ඇති මෙම නීතිවිරෝධී මත්පැන් හෙවත් කසිප්පු පෙරීමේ ඉස්කාගාරය තුළ තිබී ගෝඩා ලීටර් 7500 , නීති විරෝධී මත්පැන් බෝතල් පන්සීයක් බැරල් 15ක බහාතිබී ඇති අතර විශාල ජල ටැංකි ගෑස් ලිප් සිලින්ඩර් ඇතුළු උපකරණ තොගයක් සමග 53 හැවිරිදි සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ .
සැකකරු මීට පෙරද අවස්ථා කිහිපයක දී මෙවැනිම වැරදි සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වූ ,, රා සුදු ,, නැමැත්තා බව පොලිසිය කියයි.
මෙම නීති විරෝධී ස්කාරයේ මීට පෙර ,කෘතිම රා , පෙරීමේ ජාවාරමක් සිදු කර තිබෙන බව වැටලීම සිදුකළ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළහ.
මෙම නීති විරෝධී ස්කාගාරය වටලන අවස්ථාව වන විටත් නීති විරෝධී මත්පැන් පෙරීම සිදුකෙරමින් පැවති බවත් එම නිලධාරීන් කීහ .