ඉදිරි දින කිහිපයක තුළ ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට එළඹීමට හැකි වනු ඇති බවට ඔවුන් සමඟ ගැටුම් ඇති කර ගන්නා පලස්තීනයේ හමාස් සංවිධානය විශ්වාසය පළ කරනවා.
එහි ජ්‍යෙෂ්ඨ නායකයෙකු වන අබු මව්සා මෙම ප්‍රකාශය සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ලෙබනන සීමාවේ සිට ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාර හතරක් එල්ලවීමත් සමඟ ඊට ඊශ්‍රායලය ද ප්‍රතිප්‍රහාර එල්ල කර තිබෙනවා.
ප්‍රහාරයෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, ගැටුම් ආරම්භ වූ කාලය අතරතුර අවස්ථා තුනකදී ලෙබනනය දෙස සිට මෙලෙස ප්‍රහාර එල්ලවූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
ලෙබනනයේ සිටින හමාස් සංවිධානයට සහය දක්වන කණ්ඩායම් මෙම ප්‍රහාර එල්ල කරන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.