Ada-Derana-1140-X-60-S 1200 add-02

හින්දි සිනමාවේ කඩවසම් නළුවෙකු ජිවන සැරියෙන් නික්ම යයි

257
11453136468821839297
add-01

හින්දි නළුවෙකු මෙන්ම බිග්බොස් 13හි ජයග්‍රාහකයෙකු වූ Sidharth Shukla අභාවප්‍රාප්තවී තිබෙනවා. ඔහුට ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් මිය ගිය බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ, සිද්ධාර්ත් පෙර දින නින්දට යාමට පෙර ඖෂධ කිහිපයක් පානය කර ඇති බවයි. 40 හැවිරිදි වියෙහි පසු වූ ඔහු හින්දි චිත්‍රපට දෙකකට සහ ටෙලි නාට්‍ය රැසකට සිය දායකත්වය ලබාදී තිබුණා.

පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුව ඔහුගේ මෘත දේහය ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.