Ada-Derana-1140-X-60-S 1200 add-02

හිරු ශ්‍රී ලංකාවට ආසන්න වෙයි…කාලගුණයෙන් නිවේදනයක්

646
11453136468821839297
add-01

අගෝස්තු මස 28 වනදා සිට සැප්තැම්බර් 07 දක්වා හිරු ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඝෘජුවම ඉහළින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව හෙට (30) දිනයේදී දහවල් 12.10ට පාලම්පිඩ්ඩි, ඕමන්තේ සහ එරාමඩු ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර අද පස්වරුවේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතී.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් ඉදිරි පැය 36ක කාලය තුළ විටින්විට වැසි ඇතිවිය හැකිය.

වයඹ පළාතේ ද වැසිවාර කිහිපයක් ඇතිවේ.

එමෙන්ම, කන්කසන්තුරේ සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ පිළිබඳ විශේෂ අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එම ප්‍රදේශවල සුළඟේ වේගය විටින්විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ (28) දිනයේ සහ අද (29) දිනයේ ඇතිවූ දැඩි සුළං නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස 30ක් පමණ ආපදාවන්ට ලක්වී ඇති බවද ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.