Ada-Derana-1140-X-60-S 1200 add-02

හෙද හෙදියන් හෙට වර්ජනයක..

89
11453136468821839297
add-01

හෙට උදෑසන සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි.

කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන වල සේවය කරන හෙද හෙදියන් මූණ දෙන ගැටළු සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බව සංගමයේ ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.

මෙම ගැටළු පිළිබඳව බලධාරීන් දැනුවත් කලද ඊට නිසි විසඳුම් මෙතෙක් ලබා නොදුන් බවද ඔහු පැවසීය.

ඒ අනුව හෙට උදෑසන සිට අනිද්දා දක්වා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවද ඔහු තව දුරටත් කියා සිටියේය.