Ada-Derana-1140-X-60-S 1200 add-02

ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නත ළමයින්ටද ලබාදීමට සී.ඩී.සී. ආයතනයේ අවසර

100
11453136468821839297
add-01

ෆයිසර් බයෝඑන්ටෙක් කොරෝනා එන්නත වයස අවුරුදු 12 ත්, 15 ත් අතර ළමයින්ටද ලබාදීමට සී.ඩී.සී. හෙවත් අමෙරිකානු රෝග පාලන සහ වැළැක්වීමේ ආයතනය අවසර ලබාදී තිබෙනවා.

ඒ අනුව ලබන බ්‍රහස්පතින්දා සිටම එම එන්නත් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

ළමයින් සඳහා අමෙරිකාවේ කොරෝනා එන්නතක් අනුමත කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

ළමයින් එන්නත් කිරීමෙන් පාසැල් යළි ආරක්ෂිතව ආරම්භ කිරීමට හැකිවනු ඇති බව අමෙරිකානු බලධාරීන්ගේ විශ්වාසයයි.

ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේමෙය කොරෝනා වෛරසයට එරෙහි සටනේ වැදගත් ඉදිරි පියවරක් බවයි.

අමෙරිකානු ජනගහනයෙන් 32% ක් එනම්, මිලියන 107 ක් මේ වනවිට කොරෝනා එන්නත් සම්පූර්ණයෙන් ලබාගෙන ඇති අතර, පළමු මාත්‍රාව ලැබූ ප්‍රතිශතය 45% ක්.

එමෙන්ම, අමෙරිකානු වැඩිහිටි ජනගහනයෙන් 70% කට ජූලි 04 වැනිදා නිදහස් දිනයට පෙර එන්නත් ලබාදීම බයිඩ්න් පරිපාලනයේ ඉලක්කයයි.

කොරෝනා එන්නත්කරණය හේතුවෙන් අමෙරිකාවේ දෛනික ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩුවීමක් දක්නට ලැබෙනවා.