Ada-Derana-1140-X-60-S 1200 add-02

පෙරහර මංගල්‍ය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිගය ජනපති අවධානයට

101
11453136468821839297
add-01

 

හිලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා පෙරහර මංගල්‍ය පැවැත්වීමේ දී මතුව ඇති ගැටළු ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකරන මහා සංඝරත්නය ගැටළුව විසඳීමට කෙටි කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය බව අවධාරණය කර තිබෙනවා.

පෙරහර මංගල්‍යය අතීතයේ සිට පැවත එන දේශීය ආගමික හා සංස්කෘතික උරුමයකි. බෞද්ධ සංස්කෘතිකාංග සුරැකීමට මහා සංඝරත්නය සේම රජය ද බැඳී සිටින බව ද උන්වහන්සේ පෙන්වා දෙනවා.

පෙරහර මංගල්‍ය සදහා හීලෑ අලි ඇතුන්ගේ හිඟය නිසා මතුව ඇති ගැටළු පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී මේ බව සඳහන් කෙරුනා.

මහා සංඝරත්නය සහ හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතයෝ ඊට එක්ව සිටියා.

ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය ඇතුළු සෙසු ඓතිහාසික පෙරහර මංගල්‍ය සඳහා අවශ්‍ය හිලෑ අලි ඇතුන් සොයා ගැනීමට නොහැකිවීමෙන් මතුව ඇති ගැටළු දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා.

80 දශකය වන විට ශ්‍රී ලංකාවේ හීලෑ අලි ඇතුන්ගේ සංඛ්‍යාව 300 ත් 350 අතර පැවතිණ. දැන් එය 107 කි. ඉන් 80 ක් පමණ දැන් වයස අවුරුදු 50 ඉක්මවා සිටිති. පෙරහර සඳහා අලි ඇතුන්ගේ විශාල අඩුවක් පවතින බව අනාවරණය වුණා.

පෙරහර චාරිකාවට සුදුසු අලියෙකු හෝ ඇතෙකු පුහුණු කිරීමට වසර 3 ක පමණ කාලයක් ගතවන බව හීලෑ අලි ඇතුන් හිමිකරුවෝ පෙන්වා දුන්නා.

අතීතයේ සිට සෑම රාජ්‍ය නායකයෙකුම වෙහෙර විහාරස්ථාන සඳහා අලි ඇතුන් පූජා කර තිබේ. මියන්මාරය, බුරුමය, තායිලන්තය වැනි රටවලින්ද රාජ්‍ය තාන්ත්‍රික පදනමින් විහාරස්ථාන සඳහා අලි ඇතුන් තෑගි කිරීම සම්ප්‍රදායයක්ව පවතින බව මහා සංඝරත්නය සඳහන් කළා.

අලි ඇතුන් නඩත්තුව සහ රැකබලා ගැනීම මනාව කළයුතු බවත් ඔවුන් මියගිය පසු පාංශකූලය දීම, පින් අනුමෝදන් කිරීම වැනි සම්ප්‍රදායන් වර්තමානය දක්වාම පවතින බවත් උන්වහන්සේ පෙන්වා දුන්නා.

පෙරහැර කලාව සහ සංස්කෘතිය වෙනුවෙන් හීලෑ අලි ඇතුන් ගහණයක් රටට අවශ්‍ය බව තමා ද දැඩි සේ විශ්වාස කරන බව ජනධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කළේය. හීලෑ අලි ඇතුන් නියාමනය සහ සංරක්ෂණය පිළිබඳ කොන්දේසී සැකසීමේදී හිමිකරුවන් සමඟද සාකච්ඡා කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.