Ada-Derana-1140-X-60-S 1200 add-02

14 වැනිදා රට විවෘත කරන්නේ බරපතල නොවන බවට තහවුරු වුනොත් පමණයි..

91
11453136468821839297
add-01

එළැඹෙන 14 වනදා රට විවෘත කරන්නේ විශේෂඥ කණ්ඩායම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බරපතල තත්ත්වයක් ඇති නොවන බවට තහවුරු වුවහොත් පමණක් යයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

දැනට පවත්නා සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ කිහිපයක් ම පෙන්වා දී ඇත්තේ පවතින සංචරණ සීමා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත් ජනතාවගේ සංචරණය සීමා වීමක් සැලකිය යුතු මට්ටමකට සිදු වී නැති බවත්ය.

ඒ හේතුවෙන් වසංගතය පාලනය වන තෙක් ඇදිරි නීතිය පැනවීමක් සිදු කල යුතු බවද ඔවුන් පෙන්වා දී ඇත.