Ada-Derana-1140-X-60-S 1200 add-02

ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි වූ විශ්වාසය ඇමෙරිකානුවන්ට නැති වුණා – ජනපති බයිඩන්

100
11453136468821839297
add-01

වසංගත කාලය තුළ ඇමෙරිකානුවන්ට ප්‍රජාතන්ත්‍රවාදය සහ එක්සත් ජනපද රජය කෙරෙහි වූ විශ්වාසය නැති වී තිබෙන ඇති බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පිළිගෙන තිබෙනවා.

වසංගතයේ වසරක් සනිටුහන් කරමින් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන් අමතා විශේෂ දේශනයක් පවත්වමින් මෙම අදහස් දැක්වීම සිදුකර ඇති බව සඳහන්.

“අපේ රජයට සහ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට ඇමෙරිකානු ජනතාවට ඉතා අසීරු දේ ලබා දිය හැකිද යන්න පිළිබඳ වූ විශ්වාසය අපට අහිමි වී ගොස් තිබෙනවා.” වසංගතය හමුවේ සියලු දේ වෙනස් වී ඇති බව බයිඩන් පැවසුවා.

ඒ අනුව ඇමෙරිකාව පිළිබඳව ඇමෙරිකානු නායකයාගේ යාඥාව වූයේ, “එක් ජනතාවක්, එක් ජාතියක්, එක් ඇමරිකාවක් ලෙස යළි එකට එකතු වෙමු” කියායි.

මේ අතර ඉදිරියේදී ක්‍රමයෙන් සීමාවන් ලිහිල් වනවිට ඇමෙරිකානුවන් සිය පවුලේ අය සමග ගත කිරීමට කැමති වුවත් වෛරසයේ නව ප්‍රභේද පැතිරීමත් සමග තත්ත්ය යළිත් නරක අතට හැරීමේ අවදානමක් ගැනද ජෝ බයිඩන් මෙම දේශනයේදී අනතුරු ඇඟවීමක් කළා.

වොෂිංටන් විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනයේ නවතම අනාවැකිය අනුව ජූලි 1දා වනවිට ඇමෙරිකානුවන් 598,523ක් පමණ කොරෝනා වයිරසයෙන් මිය යනු ඇති බව සඳහන් කළා.