Ada-Derana-1140-X-60-S 1200 add-02

18ට වැඩි අයට එන්නත් ගැන බලාපොරොත්තුවක්

208
11453136468821839297
add-01

ලබන නොවැම්බර් මස අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සැප්තැම්බර් මාසය මැදභාගය වනවිට වයස අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද (26) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පැවසීය.

මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසුව තුන්වන එන්නතක් ලබාදීම පිළිබඳව ද අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.