Ada-Derana-1140-X-60-S 1200 add-02

කිම්ජොං අං විදේශ ආභාෂයන්ට එරෙහිව සටනක් දියත් කරයි

93
11453136468821839297
add-01

විදේශීය චිත්‍රපට, ඇඳුම් හෝ බටහිර සංස්කෘතීන් නියෝජනය කරන ද්‍රව්‍ය ළඟ තබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි දඬුවම් පැමිණවීමට උතුරු කොරියානු නායක කිම් ජොං අං තීරණය කර තිබෙනවා.

ඒ අනුව, දකුණු කොරියානු, ඇමෙරිකා එක්සත් ජනපත හෝ ජපාන චිත්‍රපට, පොත්පත් ආදිය විශාල වශයෙන් ළග තබා ගන්නා පුද්ගලයින්ට මරණ දඬුවම නියම කරන ලෙසයි නියෝග කර ඇත්තේ.

එමෙන්ම, එම චිත්‍රපට බැලූ හෝ මාධ්‍ය පරිශීලනය කළ පුද්ගලයන්ට වසර 15 දක්වා සිරදඬුවම් නියම කළ හැකියි.

උතුරු කොරියාව බාහිර මාධ්‍ය සඳහා දැඩි සීමා ක්‍රියාත්මක කරන අතර, එරට වැසියන්ට තොරතුරු දැන ගැනීමට ඇති එකම විකල්පය වන්නේ එරට රාජ්‍ය මාධ්‍ය පමණයි.