Ada-Derana-1140-X-60-S 1200 add-02

2000 පෝලිමේ ගාලගෝට්ටියක්..

214
11453136468821839297
add-01

හැටන් දික්ඔය ප්‍රදේශයේ ජිවන උපාය අහිමි වු අඩු ආදායම් ලාභින් වෙනුවෙන් රු 2000 දිමනාව ලබාදිමට පැමිණි දික්ඔය 319 ග්‍රාමසේවා නිලධාරිවරයා සහ මුදල් ලබා ගැනිමට පැමිණි පිරිසක් අතර (28) දින ඇති වු දැඩි උණුසුම් තත්ත්වයක් හේතුවෙන් ග්‍රාමසේවා නිලධාරිවරයා එම මුදල් ලබානොදි එම ස්ථානයෙන් ඉවත් වි ඇත.

දික්ඔය වසමේ 150 දෙනෙකු අඩු අදායම්ලාභින් වශයෙන් ග්‍රාමිය කමිටු විසින් තොරාගත් නාම ලේඛණය ග්‍රාමසේවා නිලධාරිවරයා වෙත ලබා දි ඇති අතර , එම තොරාගත් පිරිස වෙනුවෙන් රු 2000 දිමනාව (28) දින ගෙවිම සදහා දික්ඔය හින්දු කොවිලේ උත්සව ශාලාව වෙත ග්‍රාමසේවා නිලධාරිවරයා පැමිණ ඇත.

එම උත්සව ශාලාවට රු 2000 දිමනාව ලබා ගැනිමට සුදුසුකම් නොලත් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ ඔහුන්ටද රු 2000 දිමනාව ලබාදෙන ලෙස ග්‍රාමසේවා නිලධාරිවරයාගෙන් කල ඉල්ලිමක් අනුව දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව ග්‍රාමසේවා නිලධාරිවරයා කිසිවෙකුට මුදල් ලබා නොදි එම උත්සව ශාලාවෙන් පිටත්ව ගියහ.

ප්‍රදේශවාසින් පවසන්නේ ග්‍රාමසේවා නිලධාරිවරයාට හිතවත් අයට පමණක් අදාල මුදල ගෙවිමට කටයුතු කර ඇති බවයි.