Ada-Derana-1140-X-60-S 1200 add-02

200mm මහ වැසි උතුර කලඹයි.. 12,000ක් පීඩාවේ..

229
11453136468821839297
add-01

උතුරු පලාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්වයන් හේතුවෙන් උතුරේ පවුල් 4000 කට අධික පුද්ගලයින් 12,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවන්ට පත්ව ඇති බව දිස්ත්‍රීක් ආපදාකලමනාකරන කාර්යාල පවසයි.

යාපනය දිස්ත්‍රීක්කයට ගෙවුනු පැය 24 ක කාලය තුලදී මිලිමීටර් 200 කට අධික වර්ෂාපතනයක් ඇදහැලීම හේතුවෙන් යාපනයේ මාර්ග රැසක් ජලයෙන් යටවීමෙන් ගමනාගමනයටද දැඩි බාධාවන් එල්ල වී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් උතුරේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යාපනයට සහ මන්නාරමට වන අතර එයින්ද මන්නාරම් දිස්ත්‍රීක්කයේ පවුල් 3000 කට ආසන්න පුද්ගලයින් 10,000 කට අධික පීඩාවන්ට පත්ව ඇත.

එහිදී මන්නාරම, තලෙයිමන්නාරම, පේසාලෙයි, නානාට්ටාන්, මන්තෙයි බටහිර, තාල්වුපාඩු, ශාන්තිපුරම්, සවුත්බාර් යන ප්‍රදේශයන් සහ යාපනය, සංගානෙයි, මරදන්කේනි, කයිට්ස්, උඩුවිල් සහ ඩෙල්ෆ් යන ප්‍රදේශයන් වෙතට අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්වයන් ඇතිව තිබෙනවා.

එමෙන්ම වර්ෂාව හේතුවෙන් මන්නාරම සහ යාපනයේ ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් අවතැන් වූ පවුල් 100 කට අධික පිරිසක්ද ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට පියවර ගෙන ඇතැයිද ආපදා කලමනාකරන නිලධාරීන් පැවසූහ.

මේ අතර වර්ෂාව හේතුවෙන් උතුරු පලාතේ පිහිටි වැව් සියල්ලක්ම වාන් දැමීමද ආසන්න තිබෙන හෙයින් පහත්බිම් වල ජීවත් වන ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ගමන්කරන ලෙසටත් දිස්ත්‍රීක්භාර ආපදාකලමනාකරන නිලධාරීන් විසින් දැනුම් දී ඇත.