Ada-Derana-1140-X-60-S 1200 add-02

2021 පළමු අර්ධය සඳහා සම්පත් බැංකුව රු.බිලියන 7ක බදු පසු ලාභයක් වාර්තා කරයි

236
11453136468821839297
add-01

සම්පත් බැංකුව 2021 වසරේ පළමු අර්ධය සඳහා රුපියල් බිලියන 7ක බදු පසු ලාභයක් හිමි කරගෙන ඇතැයි පවසයි. මෙය 2020 වර්ෂයේ පළමු අර්ධය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 3.9 ට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයකි.

කළමනාකාරීත්වය විසින් ක්‍රියාවට නංවන ලද විධිමත් පිරිවැය පාලන ක්‍රමෝපායන් සහ අනෙකුත් නව ප්‍රයත්නයන් සමඟ ඒකාබද්ධව මුළු මෙහෙයුම් ආදායමෙහි සිදු වූ 16.7%ක ඉහළ යාම බදු පසු ලාභයෙහි 78.1% ක සැලකිය යුතු වර්ධනයට හේතු වී ඇතැයි බැංකුව සඳහන් කරයි.

“කොවිඩ් 19 වසංගතය තුළින් 2020 වර්ෂයේ පළමු අර්ධය තුළ ඇති වූ බලපෑම සහ අවිනිශ්චිතභාවය සළකා බැලීමෙන් පසු බැංකුව විසින් ප්‍රමාණවත් පරිදි අපහායන ප්‍රතිපාදන වෙන් කිරීමක් සිදු කරන ලදී. බැංකුව විසින් සැළකිය යුතු අපහායන ප්‍රතිපාදන ස්වාරක්ෂඛයක් 2020 වර්ෂයේ සිට පවත්වාගෙන යාම හේතුවෙන්, 2021 වර්ෂයේ පළමු අර්ධය තුළ ඒ හා සමාන ප්‍රතිපාදනයක් සිදු කිරීමට අවශ්‍ය නොවීය.“ බැංකුව පවසයි.

බදු පසු ලාභයෙහි සිදු වූ වර්ධනයෙහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය කොටස් හිමියන්ගේ ස්කන්ධය මත ප්‍රතිලාභ අනුපාතය 2020 වර්ෂය අවසානය වන විට පැවති 7.58% සිට 2021 ජූනි 30 දින වන විට 12.91%දක්වා පදනම් ලකුණු 533 කින් වැඩි වී ඇත. එමෙන්ම සාමාන්‍ය වත්කම් මත ඉපයීම් අනුපාතය 2020 වර්ෂය සඳහා වාර්තා වූ 1.09%සිට 2021 ජූනි 30 දිනට 1.67%දක්වා වැඩි වී ඇත.

බැංකුව විසින් 2021 වර්ෂයේ පළමු අර්ධය සඳහා බදු පෙර ලාභය, 2020 වර්ෂයේ එම කාල පරිච්ඡේදය සඳහා වාර්තා කළ රුපියල් බිලියන 5.3 ට සාපේක්ෂව 79.3%ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියල් බිලියන 9.5ක් ලෙස වාර්තා කරන ලදී. 2021 වර්ෂයේ පළමු මාස 6 තුළ බැංකුව විසින් වාර්තා කරන ලද ශක්තිමත් කාර්ය සාධනය මත පදනම්ව සම්පත් බැංකු සමූහයද පෙර වර්ෂයේ අනුරූප කාලච්ඡේදයට සාපේක්ෂව සමූහයේ බදු පෙර ලාභය සහ බදු පසු ලාභය පිළිවෙලින් 86.1%ක් සහ 88.2%ක වර්ධනයක් අත්කර ගන්නා ලදී. සලකා බලන කාලපරිච්ඡේදය තුළ,සමූහය විසින් අනුරූප කාලපරිච්ඡේදයේ වාර්තා කළ බදු පෙර ලාභය රුපියල් බිලියන 5.4ට සහ බදු පසු ලාභය රුපියල් බිලියන 3.9 ට සාපේක්ෂව බදු පෙර ලාභය රුපියල් බිලියන 10.1ක් සහ බදු පසු ලාභය රුපියල් බිලියන 7.5ක් වාර්තා කරන ලදී.