Ada-Derana-1140-X-60-S 1200 add-02

ජාත්‍යන්තර සංචිත ආනයන මාස 3.7කට සමාන වීමක්

230
11453136468821839297
add-01

2021 ජනවාරි මස අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 4.8ක් වනවා.

මෙය ආනයනික මාස 3.7කට සමාන වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ.

කෙසේ වෙතත් දළ නිල සංචිත සහ බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 ජනවාරි මාසය අවසානයේදී මාස 5.7ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් වන පරිදි ඇ.ඩො.බිලියන 7.6ක් වන බවද මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියා.