ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 4.5% සහ 5.5%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (03දා) පැවති රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
විශේෂයෙන් මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ලිහිල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සම්පූර්ණ බලපෑම වෙළෙඳ පොළ ණය අනුපාතික මගින් තවමත් පිළිබිඹු නොවන හෙයින්, ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය විසින් සලකා බලමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
එහිදී ආර්ථිකයේ ඵලදායී නිෂ්පාදන ක්ෂේත්රයන් වෙත ණය සැපයුම් ඉහළ නැංවීමට බැංකු අවධානය යොමුකළ යුතු බවද මහ බැංකුව පෙන්වා දුන්නා.