Ada-Derana-1140-X-60-S 1200 add-02

ඉන්දියාව ජනාකීර්ණ නගරයක් වසාදමයි

105
11453136468821839297
add-01

කොරෝනා ආසාදිතයින් 2,000ක් පමණ පසුගිය පැය 24 තුළ හමුවීම හේතුවෙන් බටහිර ඉන්දියාවේ නාග්පූර් නගරය සම්පූර්ණයෙන් වසාදැමීමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා.

පසුගිය සතිය පුරා එම නගර සීමාවෙන් දෛනිකව ආසාදිතයින් 1,000 ඉක්මවා හමුවුණා.

කොරෝනා වෛරසය හේතුවෙන් සම්පූර්ණයෙන් වසාදැමෙන පළමු ප්‍රධාන නගරය නාග්පූර් වනවා.

ඒ අනුව සඳුදා (15) සිට සතියක් එම නගරය තුළ දැඩි සංචරණ සීමා පනවා තිබෙනවා.

මේ දක්වා ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් මිලියන 11ක් පමණ වාර්තා වී ඇති අතර සිදුවී ඇති මරණ ගණන 157,000ක්.