මෙරට දේශපාලන ඉතිහාසයේ සෑම මැතිවරණයකදීම සිදුව ඇත්තේ පාලකයන් කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය බිඳ වැටීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ නාවලපිටිය ප්රදේශයේ ඊයේ පැවති සම්මන්ත්රණයකදීයි.
මේ දක්වා සෑම රජයක්ම බලයට පත්වූ පසුව එම රජයට හිතවත් ව්යාපාරික පැලැන්තියක් අසීමිත ධනය උපයා ඇති බව මන්ත්රීවරයා පෙන්වා දුන්නා.
මෑත කාලයේ සීනි බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590 ක් අහිමිවීමේ සිද්ධිය ඊට ආසන්නම උදාහරණය බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කලා.