Ada-Derana-1140-X-60-S 1200 add-02

ලංකා ජාතික ධජයට ඇති ගරුත්වය එලෙසමයි – පාපිස්නය ගැන චීනය කරුණු කියයි

92
11453136468821839297
add-01

පාපිස්නයකට ශ්‍රී ලංකා ජාතික ධජය යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ඉදිරි පියවර ගැනීම සඳහා වගකිවයුතු පාර්ශව වෙත දැනුම් දී ඇතැයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පවසනවා.

ඔවුන් නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ රටක ජාතික කොඩිය යනු කිසියම් රටක සංකේතයක් බැවින් ඊට පූර්ණ ගෞරවය හිමිවිය යුතු බවයි.

සුප්‍රකට අන්තර්ජාල අලෙවිකරණ වෙබ් අඩවියක් වන ඇමසන් වෙබ් අඩවියේ අලෙවි කිරීමට තබා තිබූ ශ්‍රී ලාංකික ධජය යොදා සකස් කරන ලද පාපිස්නයක් සම්බන්ධයෙන් කරුණු දක්වමන් චීන තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

චීන නිෂ්පාදනයක් ලෙසයි එය අලෙවියට තබා ඇත්තේ.

මේ සම්බන්ධයෙන් චීනයට මෙන්ම ඇමසන් වෙබ් අඩවිය පවත්වාගෙන යන අමෙරිකාවටද නිල වශයෙන් කරුණු දැක්වීමට ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කර තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය සඳහන් කරන්නේ විවිධ රටවල ජාතික කොඩි යොදා සකස් කල මේ හා සමාන නිෂ්පාදන දහස් ගණනක් මෙලෙස අන්තර්ජාලය ඔස්සේ අලෙවි කෙරෙන බවයි.

කෙසේවෙතත් දීර්ඝ කාලීන මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාවේ සාමය – සෞභාග්‍යය හා ස්වෛරීත්වයට ගරු කරමින් ජාත්‍යන්තර කරුණුවලදී සහයෝගයෙන් කටයුතු කරන බවද චීනය අවධාරණය කරනවා.