ශ්‍රී ලාංකික ජාතික ධජය ඇතුළත් පාපිස්නයක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමට තබා තිබීම සම්බන්ධයෙන් අමෙරිකාවේ වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට / වාණිජ කටයුතු දෙපාර්තමේන්තුවට සහ අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයටද පැමිණිලි කර තිබෙනවා.
ඒ අදාළ ඇමසන් වෙබ් අඩවිය අමෙරිකාව කේන්ද්‍ර කරගනිමින් පවත්වාගෙන යාම හේතුවෙන්.
ඇමසන් මූලස්ථානයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි කල බවයි වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කලේ.
මෙම අලෙවිකරණය ශ්‍රී ලංකා රජයේ බුද්ධිමය දේපළ හිමිකම් අයිතිය උල්ලංඝනය කිරීමක් බවයි ශ්‍රී ලංකා පාර්ශවයෙන් පෙන්වා දී ඇත්තේ.
මින් ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවීම සඳහා අඛණ්ඩව විමසිල්ලෙන් පසුවන බවද වොෂින්ටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිකුත් කර ඇති නිවේදනයක දැක්වෙනවා.