Ada-Derana-1140-X-60-S 1200 add-02

ජිනීවා බලපෑමට යට නොවී ඉන්න පිළිවන් – ජනපති

82
11453136468821839297
add-01

  • ජනතා ගැටලු විසඳමින් රට පෙරට ගෙන යාමට පදනම දැමුවා 
  • හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කථා කරන්නේ කිසිදා බලයේ නොසිටි අයුරින් 
  • පාස්කු ප්‍රහාරයMCC ගිවිසුමනැගෙනහිර පර්යන්තය ඔවුන් ඇති කළ ප්‍රශ්න ;  දැන් අපිට විරුද්ධව උද්ඝෝෂණ කරනවා ….
  • සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයට රැවටුණොත් සිදුවන හානිය  නිවැරදි කරන්න බැහැ ….

 “ජිනීවා බලපෑමට අපි නොබියව මුහුණ දෙනවා. ඊට යට නොවි ඉන්න පිළිවන්. අපි නිදහස් රටක්. ඉන්දීය සාගරයේ බල අරගලයට අපි ගොදුරක් වන්නේ නැහැ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටී.

දීර්ඝ කාලයක සිට ජනතාව මුහුණ පා සිටින ගැටලු නිවැරදිව හඳුනාගෙන විසඳුම් දෙමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මූලික පදනම සකස් කර ඇතැයි ඔහු ප්‍රකාශ කරයි. ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් සම්පාදනයට රජය බැඳි සිටී. එය රජයේ වගේම නිලධාරීන්ගේ ද වගකීමයි. රටට වඩාත් ඵලදායක අයුරින් ආර්ථිකය ශක්තිමත් කරන අතර, ග්‍රාමීය ජනතාවගේ ගැටලු නිරාකරණයට ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

එදා කොළඹ හරිත නගරයක් ලෙස සංවර්ධනය කෙරිණ. 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක්  පූනර්ජනනීය මූලාශ්‍ර ඇසුරෙන් උත්පාදනයට සැලසුම් කර තිබේ. සූර්ය බල පද්ධති 7000කට අධික සංඛ්‍යාවකින් ප්‍රධාන විදුලිබල පද්ධතියට විදුලිය සපයා ගැනීමට පියවර ගෙන ඇත. සෑම වසරකදීම රසායනික පොහොර භාවිතය 25%කින් අඩු කරනු ලැබේ.  මේ සියල්ල පරිසර සංරක්ෂණය සේම ආර්ථිකය ශක්තිමත් කිරීම අරමුණු කොටගත් ව්‍යාපෘතීන්ය.

මේ ප්‍රගතිය ඉවසිය නොහැකි දේශීය, විදේශීය බලවේග සහ ඔවුන්ට සහය දෙන මාෆියා කණ්ඩායම් බොරු නිර්මාණය කොට ජනතාව මුලා කරමින් සිටින බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.  කරන දේ නිවැරදිව නොදැක වැරදි මතවලට රැවටුණහොත් පසුගිය වසර පහ තුළ උද්ගත වූ හානිය නැවත ඇතිවිය හැකිය. එසේ වුවහොත් සිදු වන හානිය නිවැරදි කිරීම පහසු නොවනු ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී.

අද (27දා) මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත්, කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසමේ දෑරංගල මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 16 වැනි වැඩසටහන ආරම්භයේ දී රැස්ව සිටී පිරිස අමතා ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

පැවති රජයේ අනුවණ ක්‍රියාපිළිවෙත හේතුවෙන් ජාතික ආරක්ෂාව බිඳ වැටිණ. පාස්කු ඉරිදා ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.  අභූත චෝදනා නගමින් රණවිරුවන් සිරගත කෙරිණ. ජිනීවා යෝජනාවට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය බිඳ දමනු ලැබීය. හීලෑ අලි ඇතුන් පිළිබඳ ප්‍රශ්න ඇති කර සංස්කෘතිය, ආගම හා බැඳුණු උරුමය විනාශ කිරීමට උත්සාහ කෙරිණ .

MCC ගිවිසුම, නැගෙනහිර පර්යන්තය වැනි ගිවිසුම්වලට එළැඹ රට දැවැන්ත අර්බුදයකට ඇද දමනු ලැබීය. අද ඒවාට විසඳුම් දෙමින් සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

සියලු ප්‍රශ්න ඇති කළ සහ ඒවාට සහය දුන් පිරිස් වත්මන් රජයට එරෙහිව උද්ඝෝෂණය කරන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා හිටපු ආණ්ඩුවේ ප්‍රබලයන් අද කතා කරන්නේ සහ හැසිරෙන්නේ කිසිදිනක බලයේ නොසිටි අය මෙන් බව සඳහන් කළේය. පදනම් විරහිත චෝදනා ගැන කතා කිරීම තමාගේ ප්‍රතිපත්තිය නොවූවත්, සත්‍යය පහදා දෙනු පිණිස ඔවුනට උත්තරදීමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා කීය.