ඉදිරි මැයි මාසයේදී ගෑස් මිල ඉහළ යාමට නියමිතව ඇති බව රජයේ ආරංචි මාර්ග කියා සිටියි.
ඒ අනුව ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල බොහෝ දුරට රුපියල් 195-200 අතර මිලකින් ඉහළ යාමට ඉඩ ඇතැයි එම ආරංචි පවසයි.
ලිට්රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් සහ ලාෆ් සමාගම රුපියල් 650කින් මිල වැඩි කිරීමට දැනටමත් පාරිභෝගික කටයුතු අධිකාරියේ අනුමැතිය ඉල්ලා තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය වනැඩි යාම හේතුවෙන් සමාගම් විශාල පාඩුවක් ලබමින් සිටින බවයි.
දැනට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මෙරට අලෙවි වන්නේ රුපියල් 1493කටයි.