බාලි දිවයින් ආසන්නයේදී අතුරුදන් වූ ඉන්දුනීසියානු සබ්මැරීන යාත්‍රාවේ සුන්බුන් මීටර් 838ක් ගැඹුර මුහුදු පත්ලේ තිබී සොයාගෙන තිබෙනවා.
යාත්‍රාව කොටස් 03කට කැඩී තිබූ අතර එහි සිටි කාර්ය මණ්ඩලයේ 53 දෙනාම මිය ගොස් ඇති බවයි ඉන්දුනීසියානු නාවික හමුදා ප්‍රධානියා සඳහන් කළේ.
පසුගිය සතියේ නාවික අභ්‍යාසයක් අතරතුර මෙම සබ්මැරින යාත්‍රාව අතුරුදන් වුණා.
අතුරුදන් වූ සබ්මැරිනය සෙවීම සඳහා යුද නෞකා, ගුවන් යානා මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් එක් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.