Ada-Derana-1140-X-60-S 1200 add-02

අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

76
11453136468821839297
add-01

දිස්ත්‍රික්ක 03ක පොලිස් බල ප්‍රදේශ 04ක් අද (26) රාත්‍රී 08.00 සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් වසමේ පොල්හේන, හීරලුගෙදර සහ කළුඅග්ගල යන ග්‍රාම නිලධාරී කොට්ඨාස සහ මිනුවන්ගොඩ පොලිස් වසමේ අස්වෙන්නවත්ත නැගෙනහිර ග්‍රාම නිලධාරී කොට්ඨාසය අද රාත්‍රී 8 සිට හුදකලා කෙරෙනු ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් වසමේ මිරිස්වත්ත, පැලවත්ත උතුර යන ග්‍රාම නිලධාරී කොට්ඨාස ද එලෙස හුදකලා කෙරෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් වසමේ පූම්පුහාර් ග්‍රාම නිලධාරී කොට්ඨාසය ද අද රාත්‍රී 8 සිට හුදකලා කෙරෙනු ඇත.

මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කෙරෙනු ඇති.