Ada-Derana-1140-X-60-S 1200 add-02

ටයිම් සඟරාවේ ඉඩක් ලද ප්‍රථම ශ්‍රී ලාංකීකයා ලෙස කැරොලයින් ජූරිගේ පුවතක් එහි පලවෙයි

82
11453136468821839297
add-01

ජාත්‍යන්තර ටයිම් සඟරාවේ හිටපු ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සම්බන්ධයෙන් පුවතක් වාර්තා කර තිබෙනවා.

මෙලෙස පුවතක් වාර්තා කර ඇත්තේ, 2021, අප්‍රේල් 26 දින නිකුත් කළ කලාපයේයි.

එහිදී ‘For the Record’ විශේෂාංගය යටතේ ඇය සම්බන්ධයෙන් මෙම පුවත වාර්තා කර ඇති බව සඳහන්.

මෙලෙස ටයිම් සඟරාවේ ඉඩක් ලද ප්‍රථම ශ්‍රී ලාංකීකයා ඇය ජූරි වීමත් විශේෂත්වයක්.

එමෙන්ම අදාළ සඟරාවේ ඉඩක් වෙන් වූ පළමු ලෝක රූ රැජින ඇය බව ද වාර්තා වනවා.

අප්‍රේල් 4 වනදා කොළඹ, නෙළුම් පොකුණ රඟහගේ පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගාවලියේදී කැරොලයින් ජූරි කටයුතු කළ ආකාරය හේතුවෙන් ඇය සමාජය තුළ විශාල කතා බහක් නිර්මාණය කිරීමට සමත් වුණා.

අදාළ තරගාවලියේදී ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා දික්කසාද බව පවසමින්, එම කිරුළ දෙවනස්ථානය දිනාගත් තරගකාරීයට ලබාදීමටයි ඇය කටයුතු කළේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මෙරට මෙන්ම, ජාත්‍යන්තර මාධ්‍ය ද තුළ ද දැඩි කතාබහක් නිර්මාණය කෙරුණා.

කෙසේ වෙතත්, කැරොලයින් ජූරි සිය කිරුළ අත්හැරීමට තීරණය කිරීමත් විශේෂත්වයක්.

එම තීරණය අප්‍රේල් මස 20 වනදා ජාත්‍යන්තර තරඟ සංවිධායකයින් වෙත ඇය විසින් දැනුම්දීමට කටයුතු කළ අතර ඔවුන් විසින් ද එය පිළිගෙන තිබීමත් විශේෂත්වයක් වනවා.