Ada-Derana-1140-X-60-S 1200 add-02

පහනට තෙල් රැගෙන කෙළින්ම විපක්ෂයට යයි…!

205
11453136468821839297
add-01

අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පක්ෂය වන පොදුජන පෙරමුණට සහාය දීම නතර කර ස්වාධීන ලෙස කටයුතු කරමින් විපක්ෂයට සහාය දීමට එම නගර සභා මන්ත්‍රී, පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ ග්‍රේෂන් කෙරමිණියගේ පවසයි.

තමා මෙම තීන්දුව ගනු ලබන්නේ මුදල් හෝ වෙනත් කිසියම් බලපෑමක් මත නොවන බවත් ඔහු ප්‍රකාශ කරයි.

මේ වන විට එජාප ශ්‍රීලනිප ජවිපෙ මන්ත්‍රීවරුන් එකතු වී පොදුජන පෙරමුණු පාලක පක්ෂයට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරන බවත් තමන්ගේ සහාය ද ඔවුන්ට හිමි වන බවත් හෙතෙම පවසයි.

මේ වන විට පාලක පක්ෂයට ඇත්තේ ආසන 08ක බලයක් බවත් ඒකාබද්ධ විපක්ෂයට ආසන 13ක බලයක් ඇති බවත් කෙරමිණියගේ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

පසුගිය සමයේ ජනාධිපතිවරයා සෝවාන් බවත් එතුමාගේ මව රුවන්මැලි සෑයේ දේවතාවියක් බවත් නාමල් රාජපක්ෂට උපදෙස් දීමට එම දේවතාවිය ප්‍රකාශ කළ බවත් සඳහන් කරමින් මහත් ප්‍රසිද්ධියක් ලබා ගත් කෙරමිණියගේ විපක්ෂයේ කණ්ඩායම් විසින් නටවන රූකඩයක් බවට එකල චෝදනා නැඟිණි. ඒ පිටුපස පාඨලී චම්පික රණවක මෙන් ම හරීන් ප්‍රනාන්දු ද ඇති බවට චෝදනා නැඟිණි.