රටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින්නේ නම් කොවිඩ් උවදුරෙන් මිදිය හැකි බව ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ආසාදිතයන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ත්‍රවිධ හමුදාව සුදානමින් සිටින බවයි.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළා.
එහිදී ඔහු කියා සිටියේ රටේ ජනතා නිරෝධායනයට ලක්කිරීමේදී සිදුවන සුළු අතපසුවීම් වීඩියෝ ගත කරමින් එය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සුදුසු ක්‍රියාවක් නොවන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න….https://chat.whatsapp.com/JFXD76SMqFe7cEJznwtMAi