Ada-Derana-1140-X-60-S 1200 add-02

දිස්ත්‍රික්ක හතරක පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාමනිලධාරී වසම් 7ක් හුදෙකලා කෙරේ

81
11453136468821839297
add-01

දිස්ත්‍රික්ක හතරක පොලිස් බල ප්‍රදේශයක් සහ ග්‍රාම නිලධාරී වසම් හතක් අද උදෑසන හයේ සිට හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශය, කළුතර දිස්ත්‍රික්කයේ පානදුර – දකුණ පොලිස් බල ප්‍රදේශයේ වලාන උතුර, වෑකඩ උතුර, කිරිබේරිය, මාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් මෙලෙස හුදෙකලා කර ඇති බවයි.

එමෙන්ම ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ ඔර්ස්හිල් සහ උප්පුවේලි පොලිස් බල ප්‍රදේශයේ අන්පුවාලිපුරම් යන ග්‍රාම නිලධාරී වසම්ද හුදෙකලා කර තිබෙනවා.

යුදහමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ පොලිස් බල ප්‍රදේශයේ නිලදණ්ඩාහින්න ග්‍රාමනිලධාරී වසමද හුදෙකලා කර තිබෙනවා.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අවධාරණය කළේ හුදෙකලා කර ඇති ප්‍රදේශයකට ඇතුලුවීම හෝ එම ප්‍රදේශයෙන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් වන බවයි.

මෙලෙස හුදෙකලා කර ඇත්තේ අදාළ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වෙනත් ප්‍රදේශවලට සංචරණය වීම වැළැක්වීමට බව ද ඔහු පෙන්වා දුන්නා.

එම ප්‍රදේශවලට ඇතුලුවීමට හැකියාව පවතින්නේ සෞඛ්‍ය අංශ ඇතුලු අත්‍යවශ්‍ය කණ්ඩායම්වලට පමණයි.

හුදෙකලා කර ඇති නිවසක හෝ ප්‍රදේශයක කිසියම් අයෙකු හදිසියේ අසනීප වුවහොත් පමණක් ඔවුන් රෝහල් ගත කිරීමට හැකියාව පවතිනවා.

ඊට අවශ්‍ය නොවන අතර සාමාන්‍ය රෝග ලක්ෂණ සඳහා පොලිස් ස්ථානයට හෝ සෞඛ්‍ය අංශ අමතා සහය ලබාගත යුතු බවටයි පොලිසිය දැනුම්දෙන්නේ.