ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර තවදුරටත් උත්සන්න වී ඇති අතර, පලස්තීනුවන්ගේ ජීවිත හානි සංඛ්‍යාව 83 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊට ළමයින් 17 දෙනෙකු ද ඇතුළත් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 480 කට අධිකයි.
පලස්තීනුවන් මෙවර රාමසාන් උත්සවය සමරන්නේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛන්ඩව ක්රියාත්මකවද්දීයි.
ඊශ්‍රායල පාර්ශවයෙන් ජීවිත හානි 6 ක් වාර්තා වන අතර, ගාසා තීරය ආසන්නයේ ඊශ්‍රායල හමුදා බලය ගොඩනංවමින් සිටින බව විදෙස් වාර්තා සඳහන් කළා.
වසර ගණනාවකින් පැන නැගුණු දරුණුතම ඊශ්‍රායල – පලස්තීන, ගැටුම් අවසන් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය යළි රැස්වීමට නියමිතයි.