මුව ආවරණ නොපලදින පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඔසවාගෙන යාම මින් ඉදිරියට නොකළ යුතු යැයි පොලිස්පතිවරයා විසින් විශේෂ චක්රලේඛයක් නිකුත් කර තිබේ.
සියලුම උසස් පොලිස් නිලධාරීන් දැනුවත් කරන එම චක්රයකින් දන්වා ඇත්තේ එසේ ඔසවාගෙන යන පුද්ගලයන් අතර ආසාදිත වූවන් සිටියහොත් පොලිස් නිලධාරීන්ටද කොරෝනා ආසාදනය වීමේ අවදානමක් පවතින බවය.
එමෙන්ම අත්අඩංගුට ගන්නා පිරිස එකම රථයක් තුළ එක්රැස් කිරීමෙන් තවත් පිරිසකට වෛරස් ආසාදනය වීමේ හැකියාවක් ඇතැයි ද එමගින් පෙන්වා දෙයි.
එනිසා ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් ඔසවාගෙන නොයන ලෙසත් එක් රථයක රැුස් නොකරන ලෙසත් පොලිස්පතිවරයා විසින් දැනුම් දී තිබේ