ගාසා තීරයේ ඊයේ දිනයේ ද දරුණු ගැටුම් පැවතුණා.
මෙම ගැටුම්වලින් 42ක් මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
මොවුන් අතර කුඩා ළමයින් දස දෙනෙකු ද වනවා.
ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සදහන් කළේ අවශ්‍යතාවය පවතින තාක් නොනවත්වා ප්‍රහාර එල්ල කරන බවයි.
ගතවූ සතිය තුළ ගාසා තීරයේ ඊශ්‍රායලය සහ පලස්තීනය රොකට් ප්‍රහාර 3000ක් පමණ එල්ල කර තිබෙනවා.
ගාසා තීරයේ උත්සන්න වෙමින් පවතින ගැටුම් හමුවේ ඉන්ධන හිඟයක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.
ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් සහ අනෙකුත් පහසුකම් සඳහා විදුලිය ඇණහිටීමේ අවදානමක් පවතින බවයි එම සංවිධානය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, ඉන්ධන ලබාදීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදපෙරදිග සාම ක්‍රියාවලිය සඳහා වන නියෝජ්‍ය විශේෂ සම්බන්ධීකාර ලින් හේස්ටින් ඊශ්‍රායලයෙන් ඉල්ලීමක් කළ ද එය ආරක්ෂිත නොවන බවටයි ඊශ්‍රායලය ප්‍රකාශ කර ඇත්තේ.
ඊශ්‍රායලය සමඟ ගැටුම් ආරම්භ වූ දා සිට මේ දක්වා මාරාන්තිකම ගැටුම් පැවතියේ ඊයේ දිනයේයි.