Ada-Derana-1140-X-60-S 1200 add-02

නයිජිරියාවේ යුද හමුදාපති ගුවන් අනතුරකින් මියයයි

210
11453136468821839297
add-01

නයිජීරියාවේ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ඊබ්‍රාහිම් අටාහිරු ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

නයිජිරියාවේ වයඹ දිග කඩූනා ප්‍රාන්තයේදී ඔහු මෙම ගුවන් අනතුරට ලක්ව ඇත්තේ අයහපත් කාලගුණය පැවති අවස්ථාවකයි.

කඩූනා ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් යානය ගොඩබැස්සවීමට උත්සාහ කරද්දී මෙම අනතුර සිදුව ඇති අතර, යානයේ කාර්ය මණ්ඩලය සහ හමුදා නිලධාරින් ඇතුළු තවත් දස දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

54 හැවිරිදි ලුතිනන් ජනරාල් අටාහිරු නයිජිරියානු හමුදාපති ධුරයට පත්වූයේ පසුගිය ජනවාරි මාසයේදීයි.

එරට හමුදාව ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ ඔහු එම තනතුරට පත් කළ ජනාධිපති මුහම්මදු බුහාරි කියා සිටියේ හමුදාපතිවරයාගේ වියෝවෙන් තමා කම්පනයට පත්වූ බවයි.